ආරම්භයක් විදියට තායි චී චුවාන් වලදී අපිට භාවිතා කරන්නවෙන ප්‍රධාන පාද ඉරියව් නැත්නම් stances කීපයක් ගැන කතා කරන්න.
Bow Step -
සිංහලෙන් කියනවානම් කියන්න වෙන්නේ දුන්නේ ස්වභාවයෙන් පාද ඉරියව්ව කියලා. මේ අවස්ථාවේ දී කකුල් තියෙන්නේ මෙන්න මේ ආකාරයට.
කකුල් දෙක ටිකක් දුරින් එකක් පිටිපස එකක් විදියට තියලා, ඉස්සරහ කකුලට බර දීලා ඒ කකුල දණහිසෙන් මදක් නවනවා. පිංතූරයෙන් ඒ තත්ත්වය හොඳින් පේනවා ඇති ඔයාලට. මෙහෙම ඉද්දි ඉස්සරහ කකුල ඒ කියන්නේ නවලා තියෙන කකුලෙ ඇඟිලි තියෙන්න ඕනත් ඉස්සරහටමයි.
ඒත් කාගේ හරි කකුලෙ ප්‍රශ්නයක් තියෙනවානම් එහෙම තියා ගන්න බැරි තමන්ට පහසු විදියට ඉඳියම හරි. ඒ වගේම එහෙම ඉද්දි දණ හිස ඇඟිලි තියෙන තරමටම ඉරක් වගේ නැවෙන්නත් අවශ්‍ය නෑ. ඒ වගේම පසු පස පාදයෙ ඇඟිලි ඇඟෙන් එළියට හැරවෙන්න තියන්න. නැත්නම් බැලන්ස් නෑ.
ඉතින් මේ විදියට ඉස්සරහ තියෙන කකුලට බර දීලා, කකුල් දෙකම හොඳට බිම හිටින්න ඉනෙන් ටිකක් නැමිලා, වාඩි වුනානම්, මේ තමයි තායි චී වල තියෙන පොදුවේ යෙදෙන පා ඉරියව්ව. ඒ වගේම මේ ඉරියව්ව වම, දකුණ දෙපැත්තටම කෙරෙනවා.
Balance stance -
දැන් අපි තව ඉරියව්වකට යොමු වෙමු. මේ ඉරියව්වෙදි ඇඟේ බර සමව කකුල් දෙකට බෙදිලා යන විදියටයි තියෙන්නේ. ඒ නිසායි නමත් ඒ වගේම වෙන්නේ. කකුල් දෙක තරමක් දුරින් තියන්න. ඇඟිලි ඉස්සරහට. දණ හිස්සෙන් මදක් නැවෙන්න. බොහෙම සැහැල්ලුවෙන් හිටගෙන ඉන්න.
තායි චී පටන් ගනිද්දි වගේම අවසන් කරද්දි අපි ඉන්නේ මේ ඉරියව්වෙන්. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි තායි චී වල එක පා ඉරියව්වක ඉඳලා තවත් ඉරියව්වකට මාරු වෙද්දිත් මේ ඉරියව්ව පාවිච්චි කරනවා.
Empty step -
මේත් තායි චී පුහුණුවෙදි අපිට ලැබෙන තවත් ඉරියව්වක්. 'හිස් පාද චලනය' කියලා තමයි සිංහලෙන් අපිට කියන්‍න වෙන්නේ. කකුල් තරමක් දුරින්, පිටිපස කකුල සම්පූර්ණයෙන් ම බිම හිටින විදියට, එකක් අනික ඉස්සරහින් තියෙන්න තියන්න. පිටිපස කකුලෙ ඇඟිලි එළියට හැරෙන්න තියා ගන්න වෙනවා බැලන්ස් එකට. දැන් දණහිස්සෙන් පහත් වෙන්න. එහෙම පහත් වෙද්දි අපේ තට්ටම් අර පිටිපස්සෙ කකුලට කෙළින් පිහිටන්න ඕනා. එතකොට ඉස්සරහ තියෙන කකුලෙ බිම පිහිටන්නෙ ඇඟිලි විතරයි. විලුඹ උඩ. ඇඟේ බර දරන්නෙ පිටි පස්සෙ කකුල.
Crouch stance -
තායි චී චුවාන්වල යෙදෙන තවත් ඉරියව්වක් තමයි මේ. මෙතනදි අපි කකුලක් නවලා (ඇඟිලි ඇඟෙන් පිටට හැරෙන්න ඕනා.) අපිට පුළුවන් උපරිමයට බිමට පහත් වෙනවා. අනිත් කකුල නොනමා පොලවට සමාන්තරව තියා ගන්න. ඒ වගේම ඒ කකුලෙ ඇඟිලි ඉස්සරහට. එහෙම තියා ගන්න අපහසුනම් තමන්ට පහසු විදියට තියා ගන්න. අවශ්‍ය බිම නොවැටි පහසුවෙන් ඉඳීමයි. ඉණයි කලවයි සැහැල්ලුවෙන් තියා ගන්න.
තවත් කීපයක් තියෙනවා. ඒ ගැන ඉදිරියේ දී කතා කරමු.
No comments:
Post a Comment